රස කතා කියවන්න එකතුවන්න ...

Friday, June 29, 2012

ජේත්තුවට ඇඳගෙන සුපිරි වෙළෙඳසලට ආ කතගේ අත්බෑගයේ හොරබඩු

සෙවු භාණ්ඩ මෙතන නෑ. වෙන තැනකින් බලන්නම්. බොහොම ස්තුතියි. කියා සුපිරි වෙළෙඳසලකින් පිටවෙන්නට උත්සාහ කළ හොඳින් හැඳ පැළදගත් කාන්තාවක ගැන ඇති වූ සැකය මත එහි සේවකයන් ඇගේ ගමන් මල්ල පිරික්සද්දී රුපියල් 500ක් පමණ වටිනා සොරාගත් බඩු ඒ තුළ තිබී අල්ලා ගැනීමට එහි සේවකයන්ට හැකි වී ඇත.පසුව වෙලෙඳසලෙන් ගත් භාණ්ඩවල මිල ගෙවන ලෙස ඇයට කියා ඇති නමුත් ඇය සතුව ඒ මොහොතේ තිබී ඇත්තේ රුපියල් 50ක මුදලකි.පසුව සොරාගත් භාණ්ඩ නැවත ලබාගෙන වරද පිළිගත් නිසා පොලිසියට බාර නොදී ඇය මුදාහැර ඇත්තේ නැණ නුවණ පාදන තැනක රැකියාවක් කරන කෙනකුට මේ වගේ ක‍්‍රියාවක් නොගැළපෙන බව මතක් කර දෙමින් බවද පැවසේ.

Thursday, June 28, 2012

බීර බෝතල් 13 ක් බී කටගැස්ම පීරිසි 12 ක් හිස්කර බිල නොගෙවා පැනගිහින්

බීර බෝතල් 13ක් හා කටගැස්ම පීරිසි 12ක් හිස්කර දහවල් කෑම ඇණවුම් කර කෑම ගෙන අතරදී බිල්පත නොගෙවා පලාගිය තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
කන්තලේ නගරය ආසන්නයේ අවන්හලකදී මෙය සිදුවිය.
වරින්වර බීර හා කටගැස්ම ඇණවුම් කරමින් සප්පායම් වූ තරුණයන් පස්දෙනා පැය දෙකකට පමණ පසුව දිවා ආහාරය ඇණවුම් කර ඇත.
දිවා ආහාරය ගෙන එනතුරු බලා සිටි ඔවුන් එක් එක් තරුණයා වරින් වර වැසිකිළියට යන මුවාවෙන් එළියට ගොස් ඔවුන් පැමිණි වෑන් රියේ නැගී පලාගොස් ඇත.
දිවා ආහාරය හා රුපියල් පන්දහසක් පමණ වූ බිල්පතද රැුගෙන සේවකයකු පිරිස සිටි මේසය ළඟට විත් සොයා බලද්දී ඔවුන්ගේ රංගනය හෙළිවීමෙන් පසු පොලීසියට පැමිණිලි කරනු ලැබිණි.
සැකාකාර තරුණයින් යළි දුටුවහොත් හදුනාගත හැකි බව අවන්හල් සේවකයන් පොලිසියට පවසා තිබේ.

Wednesday, June 27, 2012

බස්රියේ පේ‍්‍රමයට කණකොකා හඬලා

වේලාව සවස හතහමාර පමණ විය. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබිනි.  බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළක් තුරුලූවී පෙම් බස් දොඩමින් සිටියහ.
බසයේ මැද හරියේ සිටි මැදිවියේ මගියෙකි. ඔහු අධික ලෙස  බීමත්ව සිටියේය. කෙනෙක් නැගිට ඔහුට අසුනක් දුන්නට ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය.
ඔහු එක්වරම පිටුපස අසුනේ සිටි තරුණ පෙම් යුවළ දුටුවේය. ඔවුන් දෙස පරික්ෂාවෙන් බැලූ හෙතෙම මගීන් අතරින් රිංගා ඔවුන් වෙත ළංවෙද්දී තරුණිය බිමට නැඹුරු වෙමින් සිය මුහුණ සඟවා ගැනීමට තැත් කළාය. එහෙත් ඇගේ උත්සාහය අසාර්ථක වූ සෙයකි.

Tuesday, June 26, 2012

බලූ වල්ගය දොරේ වදිද්දී යකකු ඇවිත් යැයි බයවෙලා

රාත‍්‍රියේ සැරිසරන යකුන් ගැන කතා මේ පළාතේද නොතිබුණාම නොවේ. එහෙත් මේ වනතුරු එවැනි යකකු දුටු අයකු  නම් සොයා ගැනීමට නොලැබුණි.
සැමියා දුර බැහැරක මළගෙයකට සහභාගි වීමට ගිය දිනයේ  සීලවතී තම දරු තිදෙනාත් සමඟ නින්දට ගියේ ගෙයි දොර ජනෙල් ද හොඳ හැටි වසා තබමිනි.
ඔරලෝසුවේ වෙලාව  මැදියම් රැයද පසුවී තිබුණි. නිවසේ ඉදිරි දොරට කිසිවකු  සිහින් හඬින් තට්ටු කරනු ඇසුනි. සීලවතී හොඳ හැටි කන්දුන්නාය.  තට්ටු කරන හඬ මඳකට නතර විය. යළිත් තට්ටු කරයි. ඇයට යකුන් ගැන සිහියට ආවේ ඉබේටමය. ඇතිවූ බිය මෙතෙකැයි කිව නොහැකි විය. දොරට වරින් වර තට්ටු කරන හඬ යළි යළිත් ඇසෙයි.
දැන්නම් මේ එකත් එකටම රාති‍්‍රයට එන යකාමය. කිසිම සැකයක් නැත. ඇගේ මුළු ගතම දහඩියෙන් තෙත් විය. ඒ අතර සීලවතීට ගණ දෙවි නුවණ පහළ විය. මඳ දුරක නිවෙසක වෙසෙන තම සොහොයුරාට ඇය ඉතා පහත් හඬින් කතා කොට දුරකතන ඇමතුමක් දුන්නේ යකාට නොඇසෙන්නටය.
අයියේ ඉක්මනට එන්න අපේ ගෙදෙට්ට යකෙක්  ඇවිත් දොරට ගහනවා.

Sunday, June 24, 2012

රාහු කාලයේ සෙනසුරා ලබලා ලිතත් විසිකරලා

සුගත් පළපුරුදු මාර්ගෝපදේශකයෙකි. භාෂා කීපයක් කතා කිරීමටහැකියාවක් ඇති ඔහුට දන්නා හඳුනන විදේශිකයෝ බොහෝ සිටිති.පසුගිය දිනක සුගත් දන්නා හඳුනන ජර්මන් ජාතික ඉංජිනේරුවෙක්ශ්‍රී ලංකාවට පැමිණියේය. සුගත් සමඟ දින කීපයක් ඔහු රට පුරාඇවිද්දේය.බෙන්තොට ප‍්‍රදේශයේ ලැගුම්හලක නතරව සිටි ඔහු අසවල් දින ආපසු යන බව සුගත්ට කීවේය. තමා සතුව ඇති කැමරා දෙකෙන් එකක් තමන් ආපසු යනවිටසිහිවටනයක් වශයෙන් සුගත්ට දී යන බව විදේශිකයා කීය. සුගත් පදිංචිව සිටියේ හම්බන්තොටට නුදුරු ගම්මානයකය. විදේශිකයා පිටව යන දින ඔහුගේ කැමරාව ගැනීමේ අදහසින් ඔහු හමුවීමට යාමට සුගත් එදින උදේ ලකලෑස්ති විය.සුගත් ජ්‍යොතිෂය තදින්ම විශ්වාස කරන අයෙකි. උදේ 7.35 ට පමණ ගමන යාමට සූදානම්ව ඔහු බිත්තියේ එල්ලා තිබූ ලිත බැලූවේය. ඔහුට දෙවියන් සිහිවිය. එදින පෙ.ව. 7.27 සිට පෙ.ව. 8.57 දක්වා රාහු කාලය යෙදී තිබුණේය. එවැනි වේලාවක ඔහු කිසිම දිනක ගමන් බිමන් යන්නේ නැත. කල් ඇතිවතමන් අවදි නොකළේ යැයි බිරියට කෑ ගසමින් රාහු කාලය අවසන් වනතෙක් සුගත් නිවස තුළම රැඳී සිටියේය.