රස කතා කියවන්න එකතුවන්න ...

Saturday, June 23, 2012

මරණයට කැපවී සිටි එළදෙන බලෙන්ම ලොරියට නැඟලා

පෝයදා නිදහස් කිරීමේ අරමුණින් මස් මඩුවකදී ගවයකු තෝරද්දී පසෙක සිටි එළදෙනක් ලණුවත් කඩාගෙන ලොරියට නැඟීම නිසා අවසානයේ එම එළදෙන ඒමට සිදුවූ පුවතකි මේ.
දනට පිනට ලැදි අයකු ගමේ විහාරාධිපති හිමි හමුවී පවසා සිටියේ තමන්ට පෝයදා ගවයෙක් මුදාහැරීමට අවශ්‍ය බවයි. එම උතුම් ක‍්‍රියාව අගේ කළ ඒ හිමියෝ ගව ගාලට යාමට පැමිණෙන බවද පැවසූහ.
ඒ අනුව විහාරාධිපති හිමි සමග කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ගවගාලකට ගිය ඔහු මරණයට කැපවී සිටි ගවයන් අතරින් බේරාගත යුත්තේ කවර ගවයාදැයි  පිරික්සන්නට විය.

මෙම ගවයන් අතරින් එකතු තෝරා ගැනීමට උත්සාහ දරද්දී අසල සිටි එළදෙනක් බැඳ සිටි ලණුවත් කඩාගෙන පැමිණ ලොරිය ළඟ නැවතී එයට නගින්නට උත්සා දරනු දැකගත හැකිවිය. සේවකයා එම එළදෙන මෙල්ල කරගන්නට ගත් උත්සාහය සපලවූයේ නැත.
එළදෙනගේ කෑගැසීම හා හැසිරීම වටහාගත් විහාරාධිපති හිමියෝ කීයක් හරි වැඩිපුර දෙන්නම් මේ සතා ලොරියට පටවන්න කීහ. මරණින් මුදාගැනීමට ගවයකු තෝරාගැනීමට ගිය පිරිසට සිදුවූයේ මුදල් ගෙවූ ගවයා ගාලේ තබා සිය කැමැත්තෙන්ම ලොරියට නැගුණු එළදෙන විහාරස්ථානයට රැගෙන ඒමටය.
සතෙක් වුණත් මරණයෙන් මිදෙන්නට දරන උත්සාහය කොපමණදැයි මේ සිද්ධියෙන් මිනිසුන්ට තේරුම්ගත හැකියැයි ඒ හිමියෝ පන්සලේදී බණට කීහ.

No comments:

Post a Comment