රස කතා කියවන්න එකතුවන්න ...

Wednesday, June 20, 2012

බිල නොගෙවා මාරුවෙන්න ගිහින් නතර වුණේ පොලිස් කූඩුවේ

දින කිහිපයකට පෙර උඩරට තානායමකට ගොස් හොඳ හැටි කා බී බිල නොගෙවා මාරුවී යාමට උත්සහ ගත් තරුණයන් තිදෙනකුට අන්තිමේ දී පේරාදෙණිය පොලිස් කූඩුවේ රැයක් පහන් වනතුරු ගත කිරීමට සිදුවූ පුවතකි මේ.
මෙම තරුණයෝ තිදෙනා ගජ මිතුරෝය. එක් අයකු කොළඹ රැකියාව කරයි. සෙසු දෙදෙනා සාමාන්‍ය රැකියා කරති. සෑම මසකම පඩිදිනයට තිදෙනා එකතු වී පදමට සූර් වීම ඔවුන්ගේ පුරුද්දක් විය. මෙදිනද මේ තිදෙනා කිහිප තැනකින්ම මත්පැන් බී අඳුර වැටෙන විට අසල වූ තානායමට ගොඩ වූයේ දවස පුරා මත්පැන්වලින් ලද මිහිර තවත් වැඩිකර ගැනීමටය.
එතැනින් හොඳ හැටි සප්පායම් වූ මේ අයගේ ආහාර බිල රුපියල් හාරදහකට කිට්ටුවිය. ඔවුහු එකිනෙකාගේ මූණ බැලූහ. තිදෙනා අතර එතරම් මුදලක් නොවූ බැවින් කළ හැකිව තිබුණේ හෙමින් සීරුවේ මාරුවීම පමණි. පළමුව අයෙක් මාරු වී ගියේය. දෙවැන්නාද ගියේය. වේටර්ට කරුණු කාරණා තේරුම් ගියේය. තුන්වැන්නාද මාරුවීමට හැදු තැත වැරදී දිවයන විට තානායමේ සේවකයෝ ඔහු ලූහුබැඳ අල්ලා ගත්හ. පොලිසියට දුරකථන ඇමතුමක් දුන් සැණින් පොලිස් නිලධාරීහු කීප දෙනෙකු පැමිණ තිදෙනා අත්අඩංගුවට ගත්හ.
මිතුරන් තිදෙනාටම එදින රාතී‍්‍ර පමණක් නොව පසුදින දහවල් වනතුරුම පොලිස් කූඩුවේ ලගින්නට සිදුවිය. පසුදින ඔවුන්ගේ හිතවතකු පොලිසියට පැමිණ කරුණු විමසීමේ දී පොලිසිය පැවසුවේ යහළුවන්ගේ කෑම බිල තානායමට ගෙවා රිසිට්පත රැගෙන එන ලෙසයි. පසුව බිල 

1 comment: