රස කතා කියවන්න එකතුවන්න ...

Friday, June 15, 2012

පිලිපීන සරසවි මහාචාර්යවරියගෙන් අපේ ඇත්තන්ට අපූරු පාඩමක්

පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.
සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.
අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ ලජ්ජාශීලීවය.
ඇය නික්ම ගොස් පැය භාගයකට පසු හරියටම වේලාවට දේශනය සඳහා සරසවි මහාචාර්යතුමිය වේදිකාවට නගිත්ම අපේ කණ්ඩායමට තරු පෙනුණි.
ඒ උදෑසන වේදිකාව පිරිසුදු කළ තරුණිය ඇයම වූ හෙයිනි. අපේ කණ්ඩායම දැඩි බියකින් හා පසුතැවිල්ලකින් දේශනය අසා සිටියත්, මහාචාර්යවරියගේ නම් කිසිම වෙනසක් තිබුණේ නැති ලූ.

No comments:

Post a Comment