රස කතා කියවන්න එකතුවන්න ...

Thursday, June 21, 2012

රුපියල් දහය සොරාගත් ගැට කපන්නාගෙන් මගියාට රුපියල් දහසක තෑග්ගක්

බසයේදී මුදල් පසුම්බිය සොරාගත් ගැට කපන්නෙක් රුපියල් දහසක්ද සමග එය ආපසු අයිතිකරුට දුන්නේය.
පසුගිය දිනක පෙරවරුවේ මෙම මගියා පිටකොටුවෙන් මොරටුව බලායන බසයකට ගොඩවූයේ තම සේවා ස්ථානයට යාම සඳහාය.
බසය මගීන්ගෙන් පිරී තිබිණ. වහා ක‍්‍රියාත්මකවූ ගැට කපන්නා මෙම මගියාගේ මුදල් පසුම්බිය සොරාගත්තේ මේ අතරතුරදීය. බසයෙන් බැසීමෙන් පසුව තම පසුම්බිය නැති බව මගියා දැනගත්තත් එය ගණනකට නොගත්තේය. පැරණි පසුම්බියේ තිබුණේ රුපියල් දහයක් පමණක් බව ඔහු දැන සිටි නිසාය.
සේවා ස්ථානයට පියමං කරමින් සිටි මේ මගියාගේ පස්සෙන් ආ පුද්ගලයකු ඔහු අත යමක් තැබීය. ඒ තමාගේ මුදල් පසුම්බිය බවට ඔහු හඳුනා ගත්තේය. ඒ සමගම මහත්තයා මෙයත් තියාගන්නැයි කියූ ගැට කපන්නා මගියා අත රුපියල් දහසේ කොළයක් අතමිට මොළවා වහාම එතැනින් පිටව ගියේය.
මගියා පසුම්බිය ඇර බලද්දී එහි තිබූ දහයේ කොළයද එලෙසම තිබිණි.

1 comment:

  1. මේකනම් බොරු කතාවක් නේද?

    ReplyDelete