රස කතා කියවන්න එකතුවන්න ...

Friday, June 22, 2012

සුළි සුළඟින් විනාශවූ නිවෙසින් කලකට පෙර අතුරුදන් වූ ටකරන් හමුවෙලා

දකුණු පළාත හරහා හමාගිය සුළි සුළඟින් විනාශ වූ නිවසක ටකරන් තහඩු යළි සවිකිරීමට යද්දී ඉපැරණි සොරකමක සුලමුල සොයා ගැනීමට හැකිවීමේ අපූරු පුවතක් දකුණේ ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.මේ නිවසට විශාල අලාභහානි නොවුවත් අසල වූ පුවක් ගසක් ඇද වැටීම නිසා වහල මුළුමනින්ම විනාශ වී තිබුණි. මෙය දැනගත් නිවස අසල වූ තරුණ පිරිසක් වහලට ගොඩවූයේ එය පිළිසකර කිරීමටය.බිඳී විසිරී තිබූ ටකරන් තහඩු එක්රැස් කිරීමේදී මෙයට වසර ගණනාවකට පෙර තම ගමේ ස්වෙච්ඡුා සංවිධානයක තිබී නැතිවූ ටකරන් තහඩු ඒවා බව ඔවුන් හඳුනාගත්තේ එහි වූ ලාංඡනය යළි මතු වී තිබූ නිසාය.නිවසේ හිමිකරුගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළ විට ඔහු අන්දමන්ද වීම නිසා කරුණු තහවුරු කරගත් තරුණ පිරිස ‘‘වහලට පුවක් ගහක් නෙමෙයි, පොල් ගහක් වැටෙන්නයි තිබුණේ’’ කියමින් වහලෙන් බැස ගියාලූ.

No comments:

Post a Comment