රස කතා කියවන්න එකතුවන්න ...

Friday, June 29, 2012

ජේත්තුවට ඇඳගෙන සුපිරි වෙළෙඳසලට ආ කතගේ අත්බෑගයේ හොරබඩු

සෙවු භාණ්ඩ මෙතන නෑ. වෙන තැනකින් බලන්නම්. බොහොම ස්තුතියි. කියා සුපිරි වෙළෙඳසලකින් පිටවෙන්නට උත්සාහ කළ හොඳින් හැඳ පැළදගත් කාන්තාවක ගැන ඇති වූ සැකය මත එහි සේවකයන් ඇගේ ගමන් මල්ල පිරික්සද්දී රුපියල් 500ක් පමණ වටිනා සොරාගත් බඩු ඒ තුළ තිබී අල්ලා ගැනීමට එහි සේවකයන්ට හැකි වී ඇත.පසුව වෙලෙඳසලෙන් ගත් භාණ්ඩවල මිල ගෙවන ලෙස ඇයට කියා ඇති නමුත් ඇය සතුව ඒ මොහොතේ තිබී ඇත්තේ රුපියල් 50ක මුදලකි.පසුව සොරාගත් භාණ්ඩ නැවත ලබාගෙන වරද පිළිගත් නිසා පොලිසියට බාර නොදී ඇය මුදාහැර ඇත්තේ නැණ නුවණ පාදන තැනක රැකියාවක් කරන කෙනකුට මේ වගේ ක‍්‍රියාවක් නොගැළපෙන බව මතක් කර දෙමින් බවද පැවසේ.

Thursday, June 28, 2012

බීර බෝතල් 13 ක් බී කටගැස්ම පීරිසි 12 ක් හිස්කර බිල නොගෙවා පැනගිහින්

බීර බෝතල් 13ක් හා කටගැස්ම පීරිසි 12ක් හිස්කර දහවල් කෑම ඇණවුම් කර කෑම ගෙන අතරදී බිල්පත නොගෙවා පලාගිය තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
කන්තලේ නගරය ආසන්නයේ අවන්හලකදී මෙය සිදුවිය.
වරින්වර බීර හා කටගැස්ම ඇණවුම් කරමින් සප්පායම් වූ තරුණයන් පස්දෙනා පැය දෙකකට පමණ පසුව දිවා ආහාරය ඇණවුම් කර ඇත.
දිවා ආහාරය ගෙන එනතුරු බලා සිටි ඔවුන් එක් එක් තරුණයා වරින් වර වැසිකිළියට යන මුවාවෙන් එළියට ගොස් ඔවුන් පැමිණි වෑන් රියේ නැගී පලාගොස් ඇත.
දිවා ආහාරය හා රුපියල් පන්දහසක් පමණ වූ බිල්පතද රැුගෙන සේවකයකු පිරිස සිටි මේසය ළඟට විත් සොයා බලද්දී ඔවුන්ගේ රංගනය හෙළිවීමෙන් පසු පොලීසියට පැමිණිලි කරනු ලැබිණි.
සැකාකාර තරුණයින් යළි දුටුවහොත් හදුනාගත හැකි බව අවන්හල් සේවකයන් පොලිසියට පවසා තිබේ.

Wednesday, June 27, 2012

බස්රියේ පේ‍්‍රමයට කණකොකා හඬලා

වේලාව සවස හතහමාර පමණ විය. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබිනි.  බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළක් තුරුලූවී පෙම් බස් දොඩමින් සිටියහ.
බසයේ මැද හරියේ සිටි මැදිවියේ මගියෙකි. ඔහු අධික ලෙස  බීමත්ව සිටියේය. කෙනෙක් නැගිට ඔහුට අසුනක් දුන්නට ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය.
ඔහු එක්වරම පිටුපස අසුනේ සිටි තරුණ පෙම් යුවළ දුටුවේය. ඔවුන් දෙස පරික්ෂාවෙන් බැලූ හෙතෙම මගීන් අතරින් රිංගා ඔවුන් වෙත ළංවෙද්දී තරුණිය බිමට නැඹුරු වෙමින් සිය මුහුණ සඟවා ගැනීමට තැත් කළාය. එහෙත් ඇගේ උත්සාහය අසාර්ථක වූ සෙයකි.

Tuesday, June 26, 2012

බලූ වල්ගය දොරේ වදිද්දී යකකු ඇවිත් යැයි බයවෙලා

රාත‍්‍රියේ සැරිසරන යකුන් ගැන කතා මේ පළාතේද නොතිබුණාම නොවේ. එහෙත් මේ වනතුරු එවැනි යකකු දුටු අයකු  නම් සොයා ගැනීමට නොලැබුණි.
සැමියා දුර බැහැරක මළගෙයකට සහභාගි වීමට ගිය දිනයේ  සීලවතී තම දරු තිදෙනාත් සමඟ නින්දට ගියේ ගෙයි දොර ජනෙල් ද හොඳ හැටි වසා තබමිනි.
ඔරලෝසුවේ වෙලාව  මැදියම් රැයද පසුවී තිබුණි. නිවසේ ඉදිරි දොරට කිසිවකු  සිහින් හඬින් තට්ටු කරනු ඇසුනි. සීලවතී හොඳ හැටි කන්දුන්නාය.  තට්ටු කරන හඬ මඳකට නතර විය. යළිත් තට්ටු කරයි. ඇයට යකුන් ගැන සිහියට ආවේ ඉබේටමය. ඇතිවූ බිය මෙතෙකැයි කිව නොහැකි විය. දොරට වරින් වර තට්ටු කරන හඬ යළි යළිත් ඇසෙයි.
දැන්නම් මේ එකත් එකටම රාති‍්‍රයට එන යකාමය. කිසිම සැකයක් නැත. ඇගේ මුළු ගතම දහඩියෙන් තෙත් විය. ඒ අතර සීලවතීට ගණ දෙවි නුවණ පහළ විය. මඳ දුරක නිවෙසක වෙසෙන තම සොහොයුරාට ඇය ඉතා පහත් හඬින් කතා කොට දුරකතන ඇමතුමක් දුන්නේ යකාට නොඇසෙන්නටය.
අයියේ ඉක්මනට එන්න අපේ ගෙදෙට්ට යකෙක්  ඇවිත් දොරට ගහනවා.

Sunday, June 24, 2012

රාහු කාලයේ සෙනසුරා ලබලා ලිතත් විසිකරලා

සුගත් පළපුරුදු මාර්ගෝපදේශකයෙකි. භාෂා කීපයක් කතා කිරීමටහැකියාවක් ඇති ඔහුට දන්නා හඳුනන විදේශිකයෝ බොහෝ සිටිති.පසුගිය දිනක සුගත් දන්නා හඳුනන ජර්මන් ජාතික ඉංජිනේරුවෙක්ශ්‍රී ලංකාවට පැමිණියේය. සුගත් සමඟ දින කීපයක් ඔහු රට පුරාඇවිද්දේය.බෙන්තොට ප‍්‍රදේශයේ ලැගුම්හලක නතරව සිටි ඔහු අසවල් දින ආපසු යන බව සුගත්ට කීවේය. තමා සතුව ඇති කැමරා දෙකෙන් එකක් තමන් ආපසු යනවිටසිහිවටනයක් වශයෙන් සුගත්ට දී යන බව විදේශිකයා කීය. සුගත් පදිංචිව සිටියේ හම්බන්තොටට නුදුරු ගම්මානයකය. විදේශිකයා පිටව යන දින ඔහුගේ කැමරාව ගැනීමේ අදහසින් ඔහු හමුවීමට යාමට සුගත් එදින උදේ ලකලෑස්ති විය.සුගත් ජ්‍යොතිෂය තදින්ම විශ්වාස කරන අයෙකි. උදේ 7.35 ට පමණ ගමන යාමට සූදානම්ව ඔහු බිත්තියේ එල්ලා තිබූ ලිත බැලූවේය. ඔහුට දෙවියන් සිහිවිය. එදින පෙ.ව. 7.27 සිට පෙ.ව. 8.57 දක්වා රාහු කාලය යෙදී තිබුණේය. එවැනි වේලාවක ඔහු කිසිම දිනක ගමන් බිමන් යන්නේ නැත. කල් ඇතිවතමන් අවදි නොකළේ යැයි බිරියට කෑ ගසමින් රාහු කාලය අවසන් වනතෙක් සුගත් නිවස තුළම රැඳී සිටියේය.

Saturday, June 23, 2012

මරණයට කැපවී සිටි එළදෙන බලෙන්ම ලොරියට නැඟලා

පෝයදා නිදහස් කිරීමේ අරමුණින් මස් මඩුවකදී ගවයකු තෝරද්දී පසෙක සිටි එළදෙනක් ලණුවත් කඩාගෙන ලොරියට නැඟීම නිසා අවසානයේ එම එළදෙන ඒමට සිදුවූ පුවතකි මේ.
දනට පිනට ලැදි අයකු ගමේ විහාරාධිපති හිමි හමුවී පවසා සිටියේ තමන්ට පෝයදා ගවයෙක් මුදාහැරීමට අවශ්‍ය බවයි. එම උතුම් ක‍්‍රියාව අගේ කළ ඒ හිමියෝ ගව ගාලට යාමට පැමිණෙන බවද පැවසූහ.
ඒ අනුව විහාරාධිපති හිමි සමග කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ගවගාලකට ගිය ඔහු මරණයට කැපවී සිටි ගවයන් අතරින් බේරාගත යුත්තේ කවර ගවයාදැයි  පිරික්සන්නට විය.

Friday, June 22, 2012

සුළි සුළඟින් විනාශවූ නිවෙසින් කලකට පෙර අතුරුදන් වූ ටකරන් හමුවෙලා

දකුණු පළාත හරහා හමාගිය සුළි සුළඟින් විනාශ වූ නිවසක ටකරන් තහඩු යළි සවිකිරීමට යද්දී ඉපැරණි සොරකමක සුලමුල සොයා ගැනීමට හැකිවීමේ අපූරු පුවතක් දකුණේ ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.මේ නිවසට විශාල අලාභහානි නොවුවත් අසල වූ පුවක් ගසක් ඇද වැටීම නිසා වහල මුළුමනින්ම විනාශ වී තිබුණි. මෙය දැනගත් නිවස අසල වූ තරුණ පිරිසක් වහලට ගොඩවූයේ එය පිළිසකර කිරීමටය.බිඳී විසිරී තිබූ ටකරන් තහඩු එක්රැස් කිරීමේදී මෙයට වසර ගණනාවකට පෙර තම ගමේ ස්වෙච්ඡුා සංවිධානයක තිබී නැතිවූ ටකරන් තහඩු ඒවා බව ඔවුන් හඳුනාගත්තේ එහි වූ ලාංඡනය යළි මතු වී තිබූ නිසාය.නිවසේ හිමිකරුගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළ විට ඔහු අන්දමන්ද වීම නිසා කරුණු තහවුරු කරගත් තරුණ පිරිස ‘‘වහලට පුවක් ගහක් නෙමෙයි, පොල් ගහක් වැටෙන්නයි තිබුණේ’’ කියමින් වහලෙන් බැස ගියාලූ.

Thursday, June 21, 2012

රුපියල් දහය සොරාගත් ගැට කපන්නාගෙන් මගියාට රුපියල් දහසක තෑග්ගක්

බසයේදී මුදල් පසුම්බිය සොරාගත් ගැට කපන්නෙක් රුපියල් දහසක්ද සමග එය ආපසු අයිතිකරුට දුන්නේය.
පසුගිය දිනක පෙරවරුවේ මෙම මගියා පිටකොටුවෙන් මොරටුව බලායන බසයකට ගොඩවූයේ තම සේවා ස්ථානයට යාම සඳහාය.
බසය මගීන්ගෙන් පිරී තිබිණ. වහා ක‍්‍රියාත්මකවූ ගැට කපන්නා මෙම මගියාගේ මුදල් පසුම්බිය සොරාගත්තේ මේ අතරතුරදීය. බසයෙන් බැසීමෙන් පසුව තම පසුම්බිය නැති බව මගියා දැනගත්තත් එය ගණනකට නොගත්තේය. පැරණි පසුම්බියේ තිබුණේ රුපියල් දහයක් පමණක් බව ඔහු දැන සිටි නිසාය.
සේවා ස්ථානයට පියමං කරමින් සිටි මේ මගියාගේ පස්සෙන් ආ පුද්ගලයකු ඔහු අත යමක් තැබීය. ඒ තමාගේ මුදල් පසුම්බිය බවට ඔහු හඳුනා ගත්තේය. ඒ සමගම මහත්තයා මෙයත් තියාගන්නැයි කියූ ගැට කපන්නා මගියා අත රුපියල් දහසේ කොළයක් අතමිට මොළවා වහාම එතැනින් පිටව ගියේය.

Wednesday, June 20, 2012

බිල නොගෙවා මාරුවෙන්න ගිහින් නතර වුණේ පොලිස් කූඩුවේ

දින කිහිපයකට පෙර උඩරට තානායමකට ගොස් හොඳ හැටි කා බී බිල නොගෙවා මාරුවී යාමට උත්සහ ගත් තරුණයන් තිදෙනකුට අන්තිමේ දී පේරාදෙණිය පොලිස් කූඩුවේ රැයක් පහන් වනතුරු ගත කිරීමට සිදුවූ පුවතකි මේ.
මෙම තරුණයෝ තිදෙනා ගජ මිතුරෝය. එක් අයකු කොළඹ රැකියාව කරයි. සෙසු දෙදෙනා සාමාන්‍ය රැකියා කරති. සෑම මසකම පඩිදිනයට තිදෙනා එකතු වී පදමට සූර් වීම ඔවුන්ගේ පුරුද්දක් විය. මෙදිනද මේ තිදෙනා කිහිප තැනකින්ම මත්පැන් බී අඳුර වැටෙන විට අසල වූ තානායමට ගොඩ වූයේ දවස පුරා මත්පැන්වලින් ලද මිහිර තවත් වැඩිකර ගැනීමටය.

Tuesday, June 19, 2012

කොන්දොස්තර මාරුවෙලා පොලිසියට පටලැවිල්ලක්

වේගයෙන් ආ යතුරපැදියක් කොළඹ සිට ධාවනය ඇරඹූ පෞද්ගලික බස් රථයේ හැපුණා. එහි පැමිණි තරුණයා මෙම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළු කළේය.
ඒ අතර අවටින් පැමිණි සෙනඟ දුටු බසයේ රියැදුරු වහාම පොලිසියට ගොස් සිද්ධිය දැනුම් දී බාරවිය. ඒ අනුව පොලීසිය වහාම කි‍්‍රයාත්මක වී අනතුර වු ස්ථානයට  පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළේය.
අනතුර සිදුකළ පෞද්ගලික  බසය පාර මැද නතර කර තිබුණි. ඊට ඉදිරියේ දැඩි ලෙස හානියට පත් යතුරුපැදියක්ද බිම පෙරැළි තිබුණි. පාර මැද  ලේ සලකුණු ද තිබුණි .එම ස්ථානයට විශාල පිරිසක් එක්  රොක් වී සිටි අතර එහි ආ පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ ඇරඹූහ.
අනතුර සිදුකළ රියැදුරු පොලිසියේ රඳවා ආ බැවින් රැස්ව සිටි අයගෙන් විස්තර විමසූ අතර එක් නිලධාරියෙක් ''කෝ මේ බස් එකේ කොන්දොස්තර යි ප‍්‍රශ්න කළේය. සෙනඟ අතර බස් ටිකට් නිකුත් කරන මැෂිමක් හා නෝට්ටු ඇඟිලි අතර රඳවා සිටි  තරුණ ගැටයෙක්ද සෙනඟ අතර සිටියත් පොලිස් නිලධාරින්ගේ  ප‍්‍රශ්න කිරීම ඔහු ගණන් නොගෙනම සිටියේය.

Monday, June 18, 2012

ගෙදරට ඊ-මේල් ආවහම බෙල් ගහන්නේ කවුද?

ඊමේල් ආවාදැයි දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි පරිගණක පාඩමක යෙදී සිටි කාන්තාවක් උපදේශකවරයාගෙන් ප‍්‍රශ්න කළාය.
ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කාර්යාලයක නිලධාරි පිරිසක් වෙනුවෙන් පසුගිය දිනක පරිගණක පාඨමාලාවක් පැවැත්විණි.
එක්දිනක මෙම පාඨමාලාවට නිලධරයෝ පිරිසක් සහභාගි වූහ. ඒ අතර වැඩිදෙනා අද හෙට විශ‍්‍රාම යන වයසේ පසුවූවන්ය. ඔවුන් මෙයට සහභාගි වූයේ ප‍්‍රධානියාගේ බලකිරීම නිසා මිස කැමැත්ත ඇතිවද නොවේ.
උපදේශක පාඩම ආරම්භ කරමින් පරිගණකයෙන් ගතහැකි ප‍්‍රයෝජන පිළිබඳව එකින් එක කරුණු පැහැදිලි කරන්නට විය. අන්තර්ජාලය ගැන කරුණු කියාදුන් උපදේශක විද්‍යුත් තැපෑල පිළිබඳව දැනුම්වත් කළේය.

මඟුල් ජෝඩුවට තෑගි දෙද්දී කබායෙන් මත්පැන් බෝතලයක් වැටිලා

මුහුදු තෙර පැවැති මංගල උත්සවයකි. මනාලියගේ පාර්ශ්වය නෑදෑ හිතවතුන් විශාල පිරිසකට ආරාධනා කර තිබිණි. මනාලයාගේ පාර්ශවයෙන්ද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. පැමිණි සියලූ දෙනාට ඉහළම අයුරින් සැලකීමට මනාලියගේ පාර්ශවය වගබලා ගත්තේය. ඉහළම වර්ගයේ මත්පැන්වලින් සප්පායම් වූ බොහෝ දෙනා සංගීත රිද්මට පා තබන්නට වූහ. මනාල යුවළට පිටත්වීමට නැකත තිබුණේ සවස තුනයි විස්සට පමණය. එයට පෙර මංගල සභාව පැවැත්විනි. නැදෑ මිතුරෝ මනාල යුවළගේ ගුණ වණන්නට වූහ. ඉන් පසු එළැඹියේ තෑගි බෝග පිරිනැමීමය. ටයිකෝට් පැළඳි අයෙක් පැමිණ මනාල යුවළට ත්‍යාගයක් පිරිනමන විට එක්වරම ඔහුගේ කබායෙන් අලූත්ම මත්පැන් බෝතයක් බිමට වැටිණි. ඔහු වහාම පාරට පැමිණ බසයකට ගොඩවිය. එය කවර දිසාවකට යන බසයක්දැයි බැලීමට වෙලාවක් නොතිබිණි. හෝටල් සේවකයෙක් බෝතලය බිඳුණු තැන පිස දැමීය.

Sunday, June 17, 2012

අලූත් නිවසේ දොර ජනෙල් සෑදූ ගාස්තු බේරද්දී වඩු බාසුන්නැහේට තරු පෙනිලා

ඔහු දක්‍ෂ වඩු කාර්මිකයෙකි. මතටත් හිත ඇත්තෙකි. ප‍්‍රදේශයේ පුද්ගලයෙක් අලූතින් ඉදිකරන තම නිවසේ දොර ජනෙල් සෑදීම වහලය ගැසීම ඇතුළු වඩුවැඩ ඔහුට බාරදුන්නේය. බාසුන්නැහේ වැඩ පටන් ගත්තේය.
නිවස හිමියා ද කෑමට පෙර හීන් අඩියක් ගසන්නේය. සෑම දිනකම බාසුන්නැහැ දිවා ආහාරය ගැනීමට සූදානම් වනවිට අරක්කු වීදුරු බාගයක් බැදපු මිරිස් කරල් සමග කාරල්ලන් දීසියක්  බාසුන්නැහේට දෙන්න පුරුදු විය.
මුලදී වඩුකාර්මිකයා මෙම සංග‍්‍රහය ප‍්‍රතික්‍ෂේප  කළේය.
එහෙම කියන්න එපා බාසුන්නැහේ අපි කවුරුත් මැරෙන මිනිස්සුනෙ. කන්ට බොන්ටනේ අපි මේ නැහෙන්නේ. අනික අපේ වැඩකට එන කෙනෙකුගේ හිත සතුටින් තිබුණොත්නේ අපටත් වැඬේ යාදෙන්න. ගෙදරින් උදේ හදලා දෙන කෑම එකනේ මේක ගත්තම හොඳට  කන්නත් පුළුවන්. නෝන  හිටියනම් ලන්ච් එකත් අපිම දෙනවා ගෙහිමියා පැවසීය.
යුතුකම් දන්නා උදවිය වඩුබාස් සිතුවේය. ගණන් බේරන කොට උදවුවක් කරනවා මෙසේ සිතා දිනපතාම සංග‍්‍රහය ආදරයෙන් සාදරයෙන් පිළිගත්තේය.
මාස දෙකකට පසු වැඩ නිමවී ගණන් බේරද්දී වඩු  බාසුන්නැහේට දවල් තරු පෙනුණි. ඒ ඉතිරි වැඩ කුලියෙන් අඩකටත්වඩා මුදලක් අරක්කුවලට සහ කට ගැස්සමට කැපූ නිසාය.
බාසුන්නැහේට මම දුන්නේ සල්ලිකාරයෝ බොන සුපර් බඩුවලින්. මම ඔහේගෙන් කපාගත්තේ බොහොම අඩු සුළු මුදලක්. නිවස හිමියා ඉතිරි මුදල් දෙන ගමන් කීවේය.
වඩුකාර්මිකයා කිසිත් නොදොඩා මුදල් අතට ගෙන උපකරණ කට්ටලයද රැගෙන ආපසු ආවේ උඹ නාඩන් උඹට ඔව්ව හොඳ පාඩම් යැයි සිතා ගනිමිනි.

මුදලාලිගේ පුතා ඇවිත් කී‍්‍රඩකයාට වැඩේ වැරැදිලා

දකුණු පළාතේ නගරයකට ආසන්න ක‍්‍රිඩා පිටියක් අසල වූ වෙළෙඳසලකි. සවස් භාගයේ කී‍්‍රඩා පිටියේ අභ්‍යාස කිරීමට එන මැදිවියේ පුද්ගලයකු වූ ඔහු අවශ්‍ය බඩු ගන්නේ මේ වෙළෙඳ හලෙනි.
එහෙත් මුදලාලිට ඔහු ගැන කිසියම් සැකයක් ඇතිවූයේ බඩු ගන්නා අතරතුර එහි වූ ආහාර වර්ග හොරෙන් සාක්කුවේ දමා ගන්නේය යන සැකයයි. බැලූ බැල්මට වැදගතකු ලෙස පෙනුණු නිසා මේ හොරකම අතටම අල්ලා ගැනීමට සිතූ ඔහු තම පුතාටද මේ ගැන කියා තිබුණි.
පසුගියදා වෙළෙඳසලට ආ ඔහු ඉල්ලූ බඩු තම පියා කිරාදෙන අතරතුර අසල බෑගයක වූ බිත්තර දෙකක් ඔහු සිය කොට කලිසමේ සාක්කුවට දා ගන්නවා පුතා පැහැදිලිවම දුටුවේය.
ඔහු ළඟට ගිය මුදලාලි පුත‍්‍රයා ඔහු සමඟ කී‍්‍රඩා කටයුතු ගැන කතා කරමින් සිටින අතර වයසට ගියත් අංකල් මාර ක‍්‍රීඩකයෙක් නේ කියමින් ඔහුගේ කලිසම් සාක්කුවේ පැත්තට තට්ටුවක් දැම්මේ තරමක වේගයෙනි. බලාපොරොත්තු නොවූ එම පහරින් බිත්තර බිඳී එහි සාරු කොට කලිසම දිගේ පහළට ගලද්දි ඔහු කඩිනමින් වෙළෙඳ සලෙන් පිටව ගියේ කිරන ලද බඩු ටිකවත් නොගෙන බව ගම පුරා ප‍්‍රචාරය වීමට ගත් වූයේ මොහොතකි.

Friday, June 15, 2012

පිලිපීන සරසවි මහාචාර්යවරියගෙන් අපේ ඇත්තන්ට අපූරු පාඩමක්

පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.
සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.
අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ ලජ්ජාශීලීවය.
ඇය නික්ම ගොස් පැය භාගයකට පසු හරියටම වේලාවට දේශනය සඳහා සරසවි මහාචාර්යතුමිය වේදිකාවට නගිත්ම අපේ කණ්ඩායමට තරු පෙනුණි.
ඒ උදෑසන වේදිකාව පිරිසුදු කළ තරුණිය ඇයම වූ හෙයිනි. අපේ කණ්ඩායම දැඩි බියකින් හා පසුතැවිල්ලකින් දේශනය අසා සිටියත්, මහාචාර්යවරියගේ නම් කිසිම වෙනසක් තිබුණේ නැති ලූ.

ජංගම දුරකතනය සිපගත් දුවගෙන් තාත්තාට අපූරු උත්තරයක්

තම බාල දියණිය දුරකතන ඇමැතුමකින් පසුව එම ජංගම දුරකතනයට හාදුවක් දීම නිසා සැකයක් ඇතිවී ඒ ගැන විමසූ පියකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ දෙනියාය ප‍්‍රදේශයෙනි. ප‍්‍රධාන නගරයේ වූ පෞද්ගලික ආයතනයක සේවිකාවක වූ ඇයගේ හැසිරීමේ අමුත්තක් ඇති බව මේ පියාට කීවේ බිරියය. තම දුරකතනයට එන විශේෂ ඇමතුමකට ඇය සැලකිල්ලක් දැක්වූ අතර වැඩි කාලයක්ද ගන්නා බව පියාටද පෙනුණි. තම සැකය සනාථ කරමින් කතාව අවසානයේ ඇය ජංගම දුරකතනයට හාද්දක්ද දුන්නාය. මේ සැක සහිත සිදුවීම ගැන විමසූ පියාට ඇය දුන්නේ අපූරු පිළිතුරකි.‘‘අක්කාගේ චූටි පුතා මගේ ෆෝන් එකට සෙන්ට් වගයක් හලලා. ඒකයි ඉඹල බැලූවෙ’’ කී ඇය තාත්තාටද එය ඉඹින්නට සැලැස්සුවාය. කාරණය ඇත්තය.ඒත් පසුගියදා කාර්යාලයේදී තම හිතවතා හමු වූ ඇය තාත්ත මගේ ලණුව ගිල්ලායි කීවේ වටපිටාවේ වූ අයටත් ඇසෙන්නටලූ.

Thursday, June 14, 2012

සම්මුඛ පරීක්‍ෂණ නිලධාරියාට බලවතෙක් අපූරු යෝජනාවක් ගෙනැත්

ලොකු නගරයක සේවය සඳහා සම්මුඛ පරීක්‍ෂණයට දෙතුන් සියයක් පෙළ ගැසී සිටියහ.
ටයි පටි පැළඳි නිල දරුවෙක් මෙම පරීක්‍ෂණය මෙහෙයවීය. කෑලි එල්ලෙන ඇඳුමින් සැරසුණු මදාවි පෙනුමේ අයෙක් ඔහු ඉදිරියට ආයේය. දෙදෙනා අතර දෙබස් මෙසේ ඇසුණි.
මොනවාද කරන්න පුළුවන්.
‘‘ ඕනෑ දෙයක් පුළුවන්’’
ඔය මහත්තයාට බරවාහන ඒ කියන්නේ
ලොරි වගේ ඒවා පදවන්න පුළුවන්ද?
ඒව නං බෑනේ
කොහොමද අද මෙහෙ එන්න පාර පෑදුණේ.
ඇයි අර... තුමා තමයි මට එන්න කිව්වේ.
පසුගිය දිනවල ප‍්‍රබල චරිතයක් වූ දේශපාලකයකුගේ නම ඔහු පැවසුවේ මහත් ආඩම්බරයෙනි.
එතුමා අඳුනන්නේ කොහොමද?
ඇයි සර්.දන්නෙ නැද්ද පසුගිය දවස්වල අපි වැඩ කළේ එතුමාට නේ.
එතකොට හදිසියකට මෙහෙ නිලධාරියෙක් එක්ක යන්න වුණොත් මෝටර් රියක් පදවන්න පුළුවනි නේද?
ඒවත් බෑනේ
එහෙමනම් කාර්යාලයකට පණිවිඩයක් ගෙනියන්න වුණොත් මෝටර් සයිකලෙන් යන්න බැරිද?
අයියෝ ඒකත් මට බෑනේ බොස්
එහෙනම් මොනවාද පුළුවන්.

ව්‍යාපාරිකයාගේ වාහන දඩ කොළය පොලිස් නිලධාරියාම අතින් ගෙවලා

වාහනයක් ධාවනයේදී රියැදුරෙකු කළ වැරැද්දකට නියම කළ රුපියල් දහසක දඩය නියම කළ පොලිස් නිලධාරියාම ගෙවා දැමූ පුවතක් පුත්තලම පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයකින්   අසන්නට ලැබුණි. මේ පොලිස් නිලධාරියා අදාළ පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයෙකි.  මොහු සිය බලප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයක රාජකාරි කරමින් සිටි අවස්ථාවක අධික වේගයෙන් ධාවනය වෙමින්  තිබු වෑන් රථයක් නවතා රියැදුරාට රුපියල් දහසක දඩ කොළයක් නිකුත් කළේය. රියැදුරා එය ළඟම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් ගෙවා දමනවා වෙනුවට මේ බව ව්‍යාපාරිකයෙකුද වන තම හාම්පුතාට (රථයේ අයිතිකරුට) දැනුම් දුන්නේය.තම රියැදුරාගේ කතාව ඇසු ව්‍යාපාරිකයාට අසුහාරදාහට නැග්ගේය. ඔහු වහාම දුරකතනය අතට ගෙන සිද්ධිය සම්බන්ධ පොලිස් සැරයන්වරයාට ඇමතුමක් ගත්තේය. තමන් එතෙක් පොලිසියට කළ උදව්පදව්වල තරම නිලධාරියාට මතක්  කර දුන්නේය. එවැනි තත්ත්වයක් තුළ දැන  දැනම මෙවැන්නක් කිරීම යුක්ති සහගත දැයි විමසුවේය. මෙම  කතාව ඇසූ පොලිස් නිලධාරියා  නිරුත්තර විය. එසේම  ඔහු ලැජ්ජාවටත් අපහසුතාවටත් පත්විය. ඒ අනුව ඔහු දඩ කොලය ආපසු ඉල්ලාගෙන තැපැල් කන්තෝරුවට ගොස් තම අතේ මුදලින් ගෙවා දමා තිබුණේ මේවා අපිට හොඳ පාඩම් යැයි  සිතාගෙන විය හැකිය.

Wednesday, June 13, 2012

ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත්

 ආච්චිගේ මරණ සහතිකයද රැගෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වූ තරුණයකු පිළිබඳව සියනෑවේ නගරයකින් වාර්තාවේ.
පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල්ලූම් පත් කැඳවා තිබිණි. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ. පසුගියදා මේ අතරින් තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට ආයතනයේ පාලනාධිකාරිය පියවර ගත්තේය.
ඒ අනුව පැවැති සම්මුඛ පරීක්ෂණයට කැඳවූ පිරිස කැඳවා සුදුසුකම් පරීක්ෂාවට ලක් කෙරුණේ ආයතන ප‍්‍රධානියා ඇතුලූ තිදෙනකුගෙන් යුත් මණ්ඩලයන් විසිනි.
කඩවසම් තරුණයකු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්විය. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට සාර්ථක පිළිතුරු ලැබිණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයද සෑහීමට පත්ව සිටියේය. අවසානයේ ඔහුගේ සහතික පත් ගොන්න පරීක්ෂා කෙරිණි.
එය පිරික්සමින් සිටි ආයතන ප‍්‍රධානියාගේ ඇස් උඩ ගියේය. ඇයි මේ මරණ සහතිකයක් අරගන ආවේ ඔහු විමසීය.

Tuesday, June 12, 2012

පෙර ආත්මයේ පුතා පාසල් ගුරුවරියගේ විශ‍්‍රාම වැටුපටත් විදලා

විශ‍්‍රාමික ගුරු මවකට බැංකුවේදී හමුවූ පෙර ආත්මයේ පුතා නිසා අලි අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවූ පුවතක් මෙසේ වාර්තා විය.එදින විශ‍්‍රාම වැටුප් ගෙවන දිනයයි. විශ‍්‍රාමික ගුරු මාතාව මුදල් ගැනීමට අවශ්‍ය පෝරමය පුරවා කවුන්ටරයට දුන්නාය. ලියන්න ගත්ත පෑනත් තවම සුරතේය. ජැන්ඩි පහට යුරෝපීය ඇඳුමෙන් සැරසුණ තරුණයෙක් ඇය අමතා අම්මේ ප්ලීස් පෑන දෙන්නකෝ මට පෑන ගේන්න බැරිවුණා යැයි පැවසීය.ඇය මෙන්න පුතා පෑන කියා සිනාවකින් ද සංග‍්‍රහ කර ඔහුට පෑන දුන්නාය. යමක් අත්සන් කළ තරුණයා තෑක්ක් යූ අම්මේ කියා පෑන දුන්නේ විනීත ලෙස ආචාරශීලී වෙමිනි. බැංකුව තුළ වූ සිදුවීම එපමණකි.විශ‍්‍රාම වැටුප ගෙන අත්බෑගයේ දමාගත් ගුරු මාතාව බැංකුවෙන් පිට වූවාය. යළිත් ගේට්ටුව අසලදී අර තරුණයා ඇය ඉදිරියේ පෙනී සිටියේය. අම්මට මාව අඳුනන්න පුළුවන් ද? අර පෑන ඉල්ලූවේ මමනේ. මට අම්මා දැක්කම පුදුම සෙනෙහසක් ඇති වුණා. අම්මා පෙර ආත්මයේ මගේත් අම්මා වෙලා ඉන්න ඇති කියා හිතෙනවා ඔහු අසීමිත සෙනෙහසකින් සුරතල් වෙමින් පැවසීය.

සිඟමන් පතා ආ යාචකයා රුපියල් 2000 නෝට්ටුව මාරුකර රුපියල් 100 ක් අරන්


හැඳල පැත්තේ නිවෙස්වලට සතියකට වරක් සිඟමනේ පැමිණීම පුරුද්දක් කරගෙන සිටි එක්තරා යාචකයෙකි. සතියේ දින හත සඳහා එක් එක් ප‍්‍රදේශ බෙදා වෙන්කරගෙන සැලැස්මකට අනුව සිඟමනේ යාම ඔහුගේ පිළිවෙළ විය. මේ සැලසුම්සහගත පිළිවෙළ නිසා කිසිම අවස්ථාවක එක් සතියක් තුළදී කිසියම් නිවසකට එක් වරකට වඩා සිඟමනේ යාමට ඔහුට සිදුවූයේ නැත. ඔහුගේ පැවති විශේෂත්වයක් වූයේ දුගී නිවාස හෝ පැල්පත්වලට සිඟමනේ නොගොස් ඉහළ පැලැන්තියේ නිවෙස්වලට පමණක් සිඟමනේ ඉල්ලා යාමය. මේ හැම නිවසකින්ම ඔහුට අඩුම වශයෙන් රුපියල් දහයක්වත් සිඟමන් වශයෙන් ලැබුණි. ඔහු එම නිවෙස්වලට කොතරම් හුරු පුරුදුවී සිටියෙ ද කිවහොත් එක් එක් නිවසින් තමාට සතිපතා ලැබෙන මුදල කොපමණදැයි හරිහැටි කියන්නට ඔහු දැන සිටියේය.හොඳ මනුස්සයා, අපට කිසිම කරදරයක් නැහැ ගමේ මිනිසුන් වැඩිදෙනා මේ යාචකයා ගැන කතා කළේ ඒ විදියටය. තමන්ට කරදර නොකර යමක් කමක් ඇති උදවියගෙන් පමණක් සිඟමන් ඉල්ලීමේ පුරුද්ද පිළිබඳව ගමේ මිනිසුන් වැඩිදෙනකුගේ ප‍්‍රසාදයට ඔහු ලක්වී සිටියේය.සතියකට වරක් මේ යාචකයා තම නිවෙස්වලට සිඟමනේ පැමිණෙන දිනය එම නිවෙස්වල පදිංචිකරුවෝ කල්තියා දැන සිටියහ. යාචකයාගේ රාජකාරිය වූයේ අදාළ නිවෙස් ඉදිරිපිටට ගොස් ගේට්ටුව ශබ්ද කිරීම පමණකි. එම සංඥාව මගින් යාචකයා සිඟමන් ඉල්ලීමට පැමිණ සිටින බව දැනගන්නා නිවෙස් හිමියන් මුදල්ද රැගෙන ගේට්ටුව වෙත දිව ඒම පුරුද්දක් වී තිබිණි.

විදුහල්පතිට අංකල් කියූ කළුකණ්ණාඩිකාරයන්ට සිසුවියකගෙන් පාඩමක්

මහවැලි ගොවි ජනපදය ආශි‍්‍රත පැරැණි ගම්මාන පාසලකි. රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ජීප් රථයකින් පැමිණි නිලධාරීන් දෙදෙනකු හා නිලධාරිනියක පාසලේ ගෙමිදුලටම පැමිණ ඉන් බැස්සේ කළු කණ්ණාඩි පැළඳගෙනය.
මිදුලේ අඹගසක් යට කොළ අහුලමින් මිදුල පිරිසුදු කරන පුද්ගලයකු දුටු ඔවුන් අංකල් පි‍්‍රන්සිපල් ඉන්නවාද යි ඇසීය. ඔව් ඇති කී ඔහු කාර්යාලය පෙන්වීය.
ඔවුහු කාර්යාලයට ගියහ. මොහොතකින් එහි පැමිණි විදුහල්පතිවරයා පුටුවේ වාඩිවූ විට පැමිණ සිටි කාන්තාවට මයි ගෝඞ් කියැවිණ. ඒ මීට පෙර මිදුලේ සිටියේ ඔහු හෙයිනි. අනතුරුව තිදෙනාම ඉංගී‍්‍රසි බසින් කතා කළේ මොහු එහි සේවකයකු වන්නට ඇතැයි කලින් හිතූ බව පවසමිනි.

Monday, June 11, 2012

පණු චොකලට් මුදලාලිට කවා පණුබේත්ගන්න සල්ලිත් දීලා

තම පෙම්වතියට චොකලටයක් මිලට ගත් තරුණයා ඇය හමුවීමට ගොස් එය ඇයට  දුන්නේය. විවෘත කළ විට දක්නට ලැබුණේ කුඩා පණුවන් විශේෂයකි.‘‘ඉකේයියා මට නම් චොකලට් එපා.’’ මේකේ පණුවොනේ. ඇය අප්පිරියාවෙන් කීවාය. චොකලටය පරීක්‍ෂා කළ තරුණයාද කුඩා පණු විශේෂ දුටු අතර ආවරණයේ තිබූ කල් ඉකුත්වීමේ දිනය පරීක්‍ෂා කර බැලූවිට දක්නට ලැබුණේ කල් ඉකුත්වීමට තව මාස තුනක් පමණ ඇති බවය.පසුදා උදේ චොකලට් අලෙවි කරන ලද වෙළඳ සැලට ගිය තරුණයා, මොනවද මුදලාලි මේ චොක්ලට්, බලනවකෝ මේකේ පණුවොනේ. කියමින් චොක්ලටය මේසය මතට විසි කළේය. වෙන්ඩ බැහැ යැයි පැවසූ මුදලාලි චොක්ලටය විවෘත කළවිට කාරණය  සත්‍ය බව වැටහුණි. ආ මේ චොකලට් පණුවොනේ. කියූ මුදලාලි මුන් අගුණ නැහැ. ඔය පළතුරු වල පණුවොත් කෑවාට කමක් නැහැ කියලා කියන්නේ යැයි පැවසීය.එහෙනම් කනවා බලන්න. තරුණයා තදින් පැවසීය. මුදලාලි බියවී චොක්ලට් කැබැල්ල කටේ දමා අමාරුවෙන් ගිල දැමීය. තරුණයාගේ කෝපය තුනීවී අනුකම්පාවක් ඇතිවිය. මුදලාලි මුදල් ආපසු දීමට සැරසුණු අතර තරුණයා පැවසුවේ සල්ලි මට එපා. ඒවායින් පණු බෙහෙත් ගන්න යනුවෙනි. වාර්තා වූයේ අනුරාධපුරට නැගෙනහිරිනි.