රස කතා කියවන්න එකතුවන්න ...

Monday, June 18, 2012

මඟුල් ජෝඩුවට තෑගි දෙද්දී කබායෙන් මත්පැන් බෝතලයක් වැටිලා

මුහුදු තෙර පැවැති මංගල උත්සවයකි. මනාලියගේ පාර්ශ්වය නෑදෑ හිතවතුන් විශාල පිරිසකට ආරාධනා කර තිබිණි. මනාලයාගේ පාර්ශවයෙන්ද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. පැමිණි සියලූ දෙනාට ඉහළම අයුරින් සැලකීමට මනාලියගේ පාර්ශවය වගබලා ගත්තේය. ඉහළම වර්ගයේ මත්පැන්වලින් සප්පායම් වූ බොහෝ දෙනා සංගීත රිද්මට පා තබන්නට වූහ. මනාල යුවළට පිටත්වීමට නැකත තිබුණේ සවස තුනයි විස්සට පමණය. එයට පෙර මංගල සභාව පැවැත්විනි. නැදෑ මිතුරෝ මනාල යුවළගේ ගුණ වණන්නට වූහ. ඉන් පසු එළැඹියේ තෑගි බෝග පිරිනැමීමය. ටයිකෝට් පැළඳි අයෙක් පැමිණ මනාල යුවළට ත්‍යාගයක් පිරිනමන විට එක්වරම ඔහුගේ කබායෙන් අලූත්ම මත්පැන් බෝතයක් බිමට වැටිණි. ඔහු වහාම පාරට පැමිණ බසයකට ගොඩවිය. එය කවර දිසාවකට යන බසයක්දැයි බැලීමට වෙලාවක් නොතිබිණි. හෝටල් සේවකයෙක් බෝතලය බිඳුණු තැන පිස දැමීය.

No comments:

Post a Comment